• බල්ලෝ බුරනවා, තවලමත් ඔහේ යනවා

මෙම  ලෝකයේ මිනිසුන් වර්ග 3 ක් සිටි.
• සුභවාදියා – සියලු දෙයම සුභවාදීව දකින පුද්ගලයා, මොහුට හොඳ පමණක් දකී සහ බැලීමට උත්සහ කරයි.
• අසුභවාදියා –  සියලු දෙයම අසුබවාදීව දකින පුද්ගලයා. මොහුට නරක පමණක් දකී සහ බැලීමට උත්සහ කරයි.
• යතාර්ථවාදියා – සියලු දෙයකම යථාර්තය(ඇත්ත සොභාවය) දකින පුද්ගලයා. මොහු ලෝකයේයථාර්තය දකී සහ දැකීමට උත්සහ කරයි.

ශුභවාදීන් සහ අසුශුභවාදි මේ ලෝකෙයේ වැඩිය මන්දයත් ඕනෑම දෙයක් සුබවාදීව සහ අසුබවාදීව දැකීමට පහසුනිසාය. නමුත් වඩාත් වටින්නේ යථාර්තය දැකීමය, එහෙත් එය කිරීමට අපසුය. තවත් මිනිස් සොභාවයක් වන්නේඅපි දකින අහන දේවල් එකිනෙකා වෙනස් අකාරයෙන් ග්‍රහණය කර ගැනීමය. උදාහරණයක් ලෙස අපි ආගම් ගමු.බුද්ධ ධර්මයම වෙනස් වර්ග  ඇත. ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගම් තුල ද මෙලෙස වෙනස් වර්ග ඇත. බුදුන් සමයේමබුද්ධ ධර්මය වෙනස් ලෙස තේරුම් මිනිසුන් තේරුම් ගත්තේ නම්, බුදුන් පිරිනිවන් පා අවුරුදු 2500 කට පසු බුද්ධධර්මය වෙනස් ලෙස  තේරුම් ගන්නා අය සීටීම පුදුම විය යුතු නැත.

බුද්ධ ධර්මය යනු යථාර්තය පැහැදිලි කරන මගය. මෙම ධර්මය මගේය, අපගේයේ කියා කීමට කිසිවෙකුටත්අයිතියක් නැත මන්දයත් යථාර්තය තේරුම් ගැනීම වෙනම මිනිස්  කොට්ඨාසයකට වෙන් වී නැති හෙයිනි. යම්කෙනෙකුගේ උප්පැන්න සහතිකයේ ඔහු බුද්ධාගම ඌ පමණින් හෝ පන්සලට ගොස් බුදුන් වැඳ ගතා කියූපමනින් බෞද්ධයකු නොවේ. එහෙත් අද  සිටින ගොඩක් අය මේ ගණයට වැටේ. යම් කෙනෙකු බෞද්ධයකුවන්නේ බුද්ධ වචනය නුවනින් තේරුම් අරන් එයට අනුව හැසිරීමෙන් පමණි.

ශ්‍රී ලංකාවෙන් 70% ජනතාවගේ ආගම බුද්ධ ධර්මය වේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ නොවූ අය බුද්ධ ධර්මය‘හරි ලෙස හෝ වැරදි ලෙස’ තමන්ගේ ජීවිතේට ලබා ගැනීම, ධර්මය මගින් ආභාෂයට (influence) පත් වීම, ධර්මයට අනුව හැසිරීම වැඩි බවයි. බෞද්ධ වූ බුද්ධ ධර්මය දන්නා ජනයා කල යුත්තේ මෙය වැලක් වීම නොව ඔවුනට හරි බුද්ධ ධර්මය පෙන්වීමය. එහෙත් මෙය බුද්ධ ප්‍රතිමාවක් පෙන්නා හෝ පාලි ගථා කියා සිදු කල නොහැක.

මහා ජය මංගල ගාථා ව, Daddy සහ ‘අපි’
Daddyගේ ටිකෙන් ටික ගීතය තුල මහා ජය මංගල ගාථාවේ එන පහල කොටස එලෙසම යොදාගෙන තිබු නිසා සමහර අය කුපිත විය, සමහර අය සතුටු විය, සමහර අය ගණන් ගත්තේ නැත.
ටිකෙන්ටික ගීතය  බැලීමට සහ ඇසීමට

“භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ”
රට දැය සමය නසන අසත්පුරුෂයන් ට එරෙහිව සැබැ හෙලිදරව්වක්‌ කරන Sorry.com නමැති Facebook එකේ ඇති සිංහල පිටුව මෙය සිංහලට හරවා ඇත්තේ මෙසේය,

“සුභ මංගල්‍යයක් වේවා, සියලුම දෙවියන් රකිත්වා, සියලු බුද්ධානුභාවයෙන් සියලු ධම්මානුභාවයෙන් සියලු සංඝානුභාවයෙන් ඔබට සෙත සැලසේවා”
සාධක
එහි තේරුම ගත් කල ඉන් කියවෙන්නේ මේ මංගල අවස්ථාව සඳහා සියලු දෙවියන්ගෙන් ආරක්ෂාව ලැබෙන්න. සෑම බුදුවරුන්ගේ නාමයෙන්, සෑම සත්‍යයක නාමයෙන්, සෑම සංඝයන්ගේ නාමයෙන් ඔබට හොඳක් ම වේවා කියාය. මෙම අරුත බුද්ධ ධර්මයට මදක් පටහැනි වුවත්, මන්දයත් බෞද්ධයන් මෙවැනි අමුතු බලයක්(බෞද්ධ  නොවූ අය දකින ආකාරයේ) බලාපොරොත්තු නුවත්, වෙනත් ස්ථාන වලද මෙයට  මංගල්‍යයක් ගවා ගන්නේ නැති වුවත්, මෙයට සමාන අර්ථයක් දෙන අකාරයෙන් එය පරිවර්තනය කර ඇත.
උදා:     http://www.maithri.com/Buddhist_Paritta_Chanting/Maha_Jayamangala_Gatha.htm
http://thebuddhisttemple.org/index.php?option=com_content&task=view&id=35&Itemid=73

කෙසේ නමුදු දැන් අපි ගීතය ගමු. මෙම ගීතයේ තේමාව වී ඇත්තේ ආදරය කරනා දෙදෙනෙක් බාධක හමුවේ ජයගෙන අවසානයේ එකතු වී සුභ මංගල්‍යයක් ගන්නා කතාවකි. මෙම සංගීත වීඩියෝව නැරබූ සංගීතය තේරුම් ගත් බුද්ධිමතකුට ඉහත තේරුම ඇති ලෙස ගාථාවේ කොටස භාවිතා කර ඇති බව අවබෝධ වනු ඇත. නමුත් යම් අයට මෙහි වචන හෝ රූප පැහැදිලිව නොපෙනූ නිසා පහත මෙම ගීතය හැකි ලෙස සවිස්තරාත්මකව විස්තර කර ඇත.

සංගීත වීඩියෝවේ කතාව පටන් ගන්නේ මංගල්‍යයට සුදානම් වී සිටින තරුණයා සමගය (තප්: 20).  ඔහු දැන් එලබී ඇති අවස්ථාවත් සහ ඔහු අතිතයේ වුනු සිදුවීම් ගැනත් බර කල්පනාවක යෙදෙනු පෙන්නයි. තප්පර 35දී මෙම තරුණයා  බඳින්න නියමිත යුවතිය සමග බහින් බස් වීමක දසුනක් පෙන්නයි. ගීතයට අනුව මෙම යුවතිය ඔහුගේ කාලයක් සිට පැවිත එන ආදරය වන බව ගීතයේ වචන වලින් පැහැදිලි කරයි. මෙහිදී යුවතිය ඉතා අමනාපයෙන් සිටින අතර තරුණයා යුවතිය දෙස තරහින් කතා කරන බව පෙන්නයි. මෙම සිදුවීම මදකට  අවසාන වන්නේ දෙදෙනාම අමනාප වීමෙන් ය. දැන් නැවතත් මංගල්‍යයට සුදානම් වී සිටින තරුණයා පෙන්නන අතර ඔහු කල්පනා කරන අතර තුර මදක් සිනා සේ. මේ සිනාසෙන්නේ ඔහු ප්‍රශ්න හමුවේ ජයගෙන දැන් එලබී ඇති අවස්ථාව ගැන සිතන නිසා යැයි ගීතයෙන් කියයි. ඉන් පසු දෙමාපියන්ට මෙම මංගල්‍යය නිසා ඇති වන දුක හා තරුණයා මගුල් දිනයේදී යහළුවන් දැකීමෙන් ඇති වන දුක ගීතයෙන් හා රුපයෙන් නිරුපනය කරයි. දැන් වීඩියෝවේ රූප මාලාව ගමන් ගන්නේ පෙර තරුණයා යුවතිය බහින් බස් වූ තැනටයි. සංගීත වීඩියෝවේ විනාඩි 1 තප්පර 39 දී, දුකින් සිටින යුවතිය බැලීමට තරුණයා නැවත පැමිණේ එහෙත් දැන් ඔහු සන්සුන්ය. මෙම  සිදුවීම  වීඩියෝවේ සහ ගීතයේ වටිනා අවස්ථාවකි. දැන් තරුණයා අනුකම්පාවෙන් යුතුව යුවතිය දෙස බලන අතර  තුර යුවතිය  වැළඳගනී. දැන් ඔහු ඇය දෙස කරුණාවෙන් යුතුව බලා මද සිනාවක් නගයි සහ ඇයද එලෙස සිනා වේ. එයින් පෙන්නුම් කරන්නේ බහින් බස් වීම හමුවේ මොවුන් එකතු වන ආකාරයයි. මෙය සුභ පෙරනිමිතක් නොවේ ද? මෙය සුභ මංගලයක් නොවන්නේද?  සංගීත වීඩියෝවේ විනාඩි 1 තප්පර 39 දී  සිට විනාඩි 2 දක්වා මෙම සිදුවීම් පෙළ දුවයි. මෙම කාල පරාසය තුල ඉහත ගාථාවේ කොටස යොදාගෙන ඇත. මෙම දෙදෙනා එකතු වීම සුභ බව පෙන්වීම සඳහා ඉහත සදහන් කල “අරුත” ඔප්නන්වීමට ගාථාවේ කොටස යොදා ඇති බව මනාව පෙනේ. ඉන් පසු ගීතය දිව යන්නේ සියලු දෙයම සුභ ලෙස නිමා වෙමින් අවසානයේ මංගල්‍යය සිදු වන අවස්ථාව පෙන්නමින්ය.

යම් කෙනෙකු මෙවැනි දෙයක කාමුකත්වය දකින්නේනම් ඔහුට හෝ ඇයට ආදරය හා කරුණාව යනු කාමුකත්වය වේ. ආදරය ඇසෙන, පෙනෙන තැන මොවුනට කාමුකත්වය පෙනෙයි. අපි තව දුරටත් මෙවැනි පුද්ගලයන් ගැන කතා නොකරමු.

සමහරක් ඇත්තෝ මෙම ගාථාව භාවිතා විය යුත්තේ සිංහල මංගල්‍ය අවස්ථාවක පමණි යයි පවසයි.  කවර හෝ කෙනෙකුට මෙම අවස්ථාවේ ඉහත ගාථාව යොදා ගැනීමත් වෙනත් සිංහල හෝ වෙනත් ජාතියක උත්සවකදී, උදාහරණයක් ලෙස සිංහල බෞද්ධ මංගල උත්සවකදී මෙම ගාථාව යොදා ගැනීමත් අතර සමානකම් නොදකින්නේනම් ඔහු මෙය දකින්නේ විපරීතවූ  කෝණයකිනි. සමහරක් විට ඔවුන් දකින්නේ පාලි වචන විතරක් විය හැක එහි ඇති අරුත නොදකිනවා විය හැක. යම් කෙනෙක් මෙම ගාථාව බෞද්ධ මංගල උත්සවකදී භාවිත කර ගාථාවේ ඉහත සඳහන් කල අරුතට අනුව යම් කිසි දෙයක්(උදා:ආශිල්වාදයක්) බලාපොරොත්තු වී ඇත්තේ නම්, මෙම ගීතයෙනුත් එවැනි දෙයක් ගීතයේ සිදු වන මංගල්‍යයයෙන් බලාපොරොත්තු වී ඇති බව පෙන්විය හැක. දැන් මෙම ගීතයේ ඉහත ගථා කොටස යොදා බුදුවරු වෙත, ධර්මය වෙත, සංඝයා වෙත යම් අපකීර්තියක්‌ සිදු වී කර ඇත්නම් මෙම ගාථාව බෞද්ධ මංගල උත්සවකදී භාවිතා කිරීමෙන් සිදු වී ඇත්තේ ද එවැනිම අපකීර්තියකි.

මෙම ගීතයේ විවිධ ශබ්ධ ඇත, නොයෙකුත් තාල ඇත, මෙය ගායනා කරන අය ද ටිකක් අමුතු ය. එම නිසා ඇතැම් අයට මෙය රැප් එකකි. මේ නිසා හෙළ උරුමය මෙය දැක “රැප් සංගීත නිර්මාණය තහනම් කරනු”  යැයි කියා කා ගසති. එහෙත් මෙම ගීතය රීත්‍යනුකූලව(technically) රැප් එකක් නොවන නිසා ඇතැම් අය සිනා සේ. අපි සැවොම තේරුම් ගත යුත්තේ මෙම ගීත වර්ග වලටත් කැමති අය සිටින බවය. ඇතැම් අයට හෙළ උරුමය, හෙළ කරුමය වී ඇත්තේ ද මෙවැනි තේරුමක් නැති දේ කරන නිසාය. මේ නිසා ශ්‍රී ලාංකීය වූ අපට ‘උරුමයක්’ ඇත්නම් එය ද නොබෝ කලකින් නැති වී ගොස් අතීතයට ඉක්මනින් එක් විය හැක.

ඔය කියන්නා වූ  උරුමය රැක ගැනීමට නම්, එය අනාගත පරපුරට තේරෙන ලෙස ‘බෙදා’ දිය යුතුයි, එහි ඇති වටිනාකම සහ ප්‍රයෝජනය පෙන්විය යුතුය. එහෙත් ඔවුන් එය ග්‍රහණය කර ගන්නා ආකාරයත්, එහි ඇති ප්‍රයෝජනයත් එකිනෙකාට වෙනස් ලෙස දකී. ඉන්පසු ඔවුන් එයින් ආභාෂයට  පත් වී ඔව්නොව්න්ට එය ගැලපෙන ලෙස හා ප්‍රයෝජනවත් වන ලෙස භාවිතා කිරීමට උත්සහ කරයි. ඔවුන්ට එයින් ප්‍රයෝජනයක් නොපෙනේනම්  එය භාවිතා නොකරයි. උදාහරණයක් ලෙස Daddyගේ ටිකෙන් ටික ගීතයේ ද සිංහල බෙර වල ශබ්ද යොදාගෙන ගීතයේ ශබ්ද රසය වැඩි කිරීමට උත්සහ දරා ඇත.  මෙය හරිය මෙය වැරදිය කියා කිසි වෙකුටත් කිව නොහැක මන්දයත් ඒ Daddy  සිංහල බෙර වල ශබ්ද වලින් ආභාෂයට  පත් වූ ආකාරයත් සහ ඔවුන්ට ගැලපෙන ලෙස ප්‍රයෝජනයට ගත් ආකාරයත් නිසාය. මෙය තාක්ෂනය  හා  නවීකරණය(innovation) වේ. එහෙත් තවත් කෙනෙකු සිංහල බෙරයක්  ගෙන එය කඩා හෝ නොකඩා පුටුවක් ලෙස හෝ බෝට්ටුවක් ලෙස ද භාවිතා කිරීමට ඉඩ ඇත. එහෙත් මෙයද තාක්ෂනය  හා  නවීකරණය(innovation) වේ. ඔය කියන්නා වූ උරුමය රැක ගැනීමටනම් එය වෙනස් විමට ඉඩ දිය යුතුය. ඉන් පසු එය අලුත් උරුමයක් සේ දිස් වෙනු ඇත. එහෙත් එයද වෙනස් වීමට ඉඩ දිය යුතුය. නමුත් යම් කෙනෙකු මෙලෙස වෙනස් වීම නවත්වනට යෑමෙන් සිදු වන්නේ එම ඇති උරුමයද ‘ඉක්මනින්’ නැති වී යාමට උදව් කිරිම සහ එය තාක්ෂනයට  හා  නවීකරණයට(innovation) බධාවක් සේ වැඩ කිරීමය.

“ඔබට යම් දෙයක ප්‍රශ්නයක් දැකීමට අවශ්‍යනම්, ඔබ ප්‍රශ්නයක් දකිනු ඇත. ඔබට යම් දෙයක පිළිතුරක් දැකීමට අවශ්‍යනම්, ඔබ පිළිතුරක් දකිනු ඇත”.

අද ලංකාව තුල ද පාලි බුද්ධ ගථා අඩංගු කැසට් පට සහ සීඩී තැටි අර්ථයක් රහිතව නොමිලේ හෝ මුදල් වලට බෙදා හරිනු දක්ක්නට ලැබේ. සමහර මිනිසුන් මේවා නිකරුනේ තේරුම නොදැන භාවිතා කරයි. එහි ඇති පලය කුමක්ද? අද කී දෙනෙක් ගාථා වල තේරුම නොදැන ගාථා කට පාඩම් කර භක්තියක් ඇති කරගන්නේ ද?

ලංකාවේ බුද්ධ ධර්මය ‘ආරක්ෂා’ කිරීමට හෝ ‘විනාශ’ කිරීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව බෞද්ධ වූද නොවූද ජනතාව නොයෙකුත් වැඩ කර ඇත, කරමින් ඇත, කරනු ඇත. එය මෙතැන හාර අව්ස්ස පිටු ගණන් ලිවීමෙන් පලක් නැත.

කෙසේ නමුදු මෙයින් පෙනී යන්නේ මිනිසුන් හට බුද්ධ ධර්මයෙහි සැබෑ අරුත “ටිකෙන් ටික” අමතක වී යන බව බවකි. එහෙත් අප අතරද බුද්ධ ධර්මය මනා ලෙස තේරුම ගත් අය සිටින අතර පොත්පත් වලින් ද එය මනා ලෙස තේරුම් කර ඇත. උදාහරණයක් ලෙස බුද්ධ ධර්මය පිළිබද ලියා ඇති පොතක් ලෙස “බුදු දහම සහ බුදුරජාණන් වහන්සේ” යන ග්‍රන්ථය ගත හැක. මෙහි ඇති විශේෂත්වය වන්නේ එය හුදෙක් භක්තිය පමණක් නොව ‘තර්කනුකුලව’ සිතා බලා සාධක සමග රචනා කර ඇති හෙයිනි.
[ මෙහි ඉංග්‍රීසි පිටපටක්‌ බාගත කර ගැනීමට ]
මොහිදීන් බෙග් සහ බුද්ධ ධර්මය
මෙම ගැටලුවේදී මොහිදීන් බෙග් මහතාගේ ගීත හරිය මෙම සින්දුව වැරදිය කියා සමහරක් මත පල කරනු දකින්නට හැක. පළමුව කිව යුත්තේ මොහිදීන් බෙග් මහතා ගාවා ගැනීම තරමක් දුකට බදු කරුණක් වීමයි.
මොහිදීන් බෙග් මහතාගේ ගීත සමහර අය  වැඩිය අසා නැති හෙයින්, බුද්ධ ධර්මය ගැන කෙලින්ම කතා කරන ගීතයක් වෙන “බුද්ධං සරනං ගච්චාමී” ගීතය ගමු. මෙම ගීතයේ කිහිප තැනකම “බුද්ධං සරනං ගච්චාමී” යන යෙදුම භාවිතා වේ. එහි තේරුම වන්නේ මම බුදුන් සරන යමි කියාය. නමුත් එම යෙදුම භාවිතා වන අකාරය ගැන ඔබ මොහොතක් සිතන්න.

“ඔබෙ රා ගිනි කැලබේදෝ – පිවිතුර හදවත් පැරේදෝ
එම විට පවසනු මුවින් ඔබේ – බුද්ධං සරනං ගච්චාමී

මෛත්‍රී කරුණා දුෂිත වී – ක්රෝදය ඊර්ෂ්‍යා පොසිත වී
හිංසා පිඩා වේවිදෝ – මිනිසා තිරිසන් වෙවිදෝ
ගෝර විසැති නයි පොලගුන් වන් මිනිසුන් මිතුරු ලෙස ඒනම්
එම විට පවසනු මුවින් ඔබේ – බුද්ධං සරනං ගච්චාමී
…”

මෙම ගීතයේ වෙනත් තැන් වලද මෙලෙස  බුද්ධං සරනං ගච්චාමී යන යෙදුම භාවිතා කර ඇත. දැන් ඉහත කොටස් වලින් දෙන අරුත ‘බෞද්ධ නොවූ’ පුද්ගලයකු කෙලෙස ග්‍රහණය කර ගන්නේ කෙසේදයි කියා අපි මොහොතක් සිතමු.

“අපගේ ජීවිත වලට රාගය ඇවිත් හදවත් සසල කොරන විට, කරුණාව නැති වී ඉර්ශියව වැඩි වන විට, ප්‍රශ්න කරදර වැඩි වී මිනිසුන් තිරිසන් වන විට, නපුරු මිනිසුන් මිතුරන් සේ එන විට අපි කටින් බුදුන් සරන යමු යැයි කියමු.”

දැන් මෙම පුද්ගලයා බුද්ධ ධර්මය අරුත මෙපමණයි කියා සිතන්නේ නැද්ද? ඔහු මෙම ගීතයේ අරුතින් බුදුන් සියලු දෙනා බේරා ගැනීමට හැකි දෙවි කෙනෙක් ලෙස දකින්නේ නැති වෙයිද? බුදුන් සරන යමී කියූ පමනින් ඔහුගේ සියලු බාධා, ලෙඩ, දුක්, කරදර නැති වී ගොස් සෑම දෙයම හරියයි කියා ඔහු නොසිතයිද?
එලෙසෙ සිදු වන්නේනම්, මෙම ගීතය මගින් බුද්ධ ධර්මයේ අරුත වෙනස් කරන්නේ නැද්ද? බුද්ධ ධර්මය අපකීර්තියට ලක් කරන්නේ නැද්ද? බුද්ධ ධර්මය අපකීර්තියට ලක් කරන ගමන්, එය බයිලාවක් වැනි ගීතයකට හැරවීම හරිද?

මෙලෙස දකින කල්හි, බුද්ධාගම වූ ගායකයින් කී දෙනෙක් ධර්මය වැරදියට තේරුම් අරන් එය ගීතයකට හරවා ඇද්ද? මෙම ගීත කීපාරක් විවිධ ආගමික හෝ ආගමික නොවන උත්සව වල හෝ උත්සව නොවන අවස්ථා වල යොදාගෙන ඇද්ද? ධර්මය අමතක වී ගීතයට ආකර්ෂණය වී එම ගීත වලින් බුද්ධ ධර්මය වැරදියට තේරුම් ගෙන ජීවත් වෙන කී දෙනෙක් අපේ රට තුල අද ඇද්ද? දැන් බුද්ධ ධර්මය ට මේවායින් අපකීර්තියක්‌ කර ඇත්නම් වඩා අපකීර්තියක්‌ කර ඇත්තේ Daddy ද නැත්තම් අපිම ද?

මන්දයත් බුදුන් පහල වන්නේ ධර්මය(යථාර්ථය / සත්‍ය) පහදා දීම‍ටයි. මෙම ධර්මය ගැඹුරුය. මෙම ධර්මය බුදු කෙනෙකු උපතින්ම ලබාගෙන එන්නේද නැත. ගෞතම බුදුන් යථාර්ථය හරි හැටි තේරුම් ගැනීමට පෙර කිහිප වරක්ම අසාර්ථක ද විය. නමුත් වසර 6ක් මුළුල්ලේ ලෝක සොභාවය අධ්‍යයනය කිරීමෙන් හා භාවනා කිරීමෙන් පසු යථාර්ථය තේරුම් ගෙන බුදු(අවදි) විය [http://buddhanet.net/e-learning/5minbud.htm]. බුද්ධත්වය ලබා ගත් බුදු කෙනෙකු මිනිසා දුකින් ගලවගන්න ගලවුම් කරුවෙකු නොවේ. වෙනත් ආගම් සමග සංසන්දනය බුද්ධ ධර්මය  කරන විට එහි විශේෂ වෙනස්කම් ඇත [http://www.buddhanet.net/e-learning/snapshot01.htm]. දැන් මොහිදීන් බෙග්ගේ මෙම ගීතය මගින් බුද්ධ ධර්මයට කර ඇති අපහාසය ‘අසුභවාදියා’ විසින් දෙපාරක් නොසිතා දකිනු ඇත. දැන් ඔවුන් බුද්ධ ධර්මය “බේරා ගැනීම” සඳහා මොහිදීන් බෙග් මහතා ද ඔහුගේ මුළු පරම්පරාවම ද වෙනත් ගායකයන් ද මතක් කර වියරු වූ මනසින් යුතුව කුණුහරුප ගංගාවක් සිත තුල නිර්මාණය කරගනු ඇත. මෙම දකින ආකාරයත් Daddy’ගේ ටිකෙන් ටික සින්දුව දකින ආකාරයත් අතර වැඩි වෙනසක් නැති වීම සිනාවක් ගෙන දෙන කරුණකි.
බුද්ධ ධර්මය විනාශ වීම සහ එය බේරා ගැනීම
බුද්ධ ධර්මය යනු සියලු දෙයකම යතාර්ථය වේ. යතාර්ථය යනු සත්‍යයයි. මෙම සත්‍ය  කිසියම් විශේෂ ස්ථානයක සැඟවී නැත. මෙලොව ජීවත් වෙන කිසිම කෙනෙකුට මෙම සත්‍ය විනාශ කල නොහැක. එහෙත් සත්‍ය වැරදි ලෙස තේරුම් කර දීම, තේරුම් ගැනීම, සහ අමතක කිරීම කල හැක. කිසිවෙකුටත් මිනිසුන් ධර්මය වැරදි ලෙස තේරුම් ගැනීම සහ අමතක වීම නැවත්තිය නොහැක. එය මිනිස් සොභාවයයි. ධර්මය වැරදියට තේරුම් කර දෙන අයට, තේරුම් ගත් අයට සහ අමතක වූ ධර්මය ‘හරියට’ තේරුම් කල දිය හැක්කේ ධර්මයෙන්ම පමණි.

“බුද්ධ ධර්මය ගැඹුරුය. එලෙසනම් එය තෙරුම් ගැනීම ද අපසුය. එය තේරුම් ගැනීමට අපසුනම් ධර්මය නිසි ලෙස රැක ගැනීම ඊටත් වඩා අපසුය.”

ධර්මය නොපෙන්නාට තුන් වරක් ‘සාධු’ කියන්න කියූ පමණින් ඔහුට ධර්මය(යතාර්ථය) නොපෙනේ. ඔබ අන් අයට ධර්මය පෙන්වීමට මත්තෙන් ඔබ ,මනා ලෙස ධර්මය(යතාර්ථය) අවබෝධ කර ගැනීමට උත්සහ ගත යුතුය, එය අවබෝධ කරගත යුතුය. පසුව ඔබ අධර්මය දකින තැන ධර්මය(යතාර්ථය) කරුණාවෙන් හා තර්කයෙන් ප්‍රශ්නයට නගමින් ඔවුන්ට තේරෙන ලෙස පැහැදිලි කරන්න. අද ඇති තාක්ෂණයද මෙයට මහගු ලෙස උපකාරී වනු ඇත. එවිට ධර්මය නොදකින අය ධර්මය(යතාර්ථය) දකිනු ඇත. අන්න එවිට ඔවුන් ද බුද්ධ ධර්මය වැලද ගනු ඇත. අධර්මය පරදා ධර්මය ජය ගත හැක්කේ එලෙසය. බුදුරජාණන් වහන්සේ ද අධර්මය (අසත්‍ය/ අන්ධකාරය) පරදා ඇත්තේ එලෙස නොවේද?

“බුද්ධ ධර්මය තවත් ‘ආගමක්’ නොකර එය ධර්මය ලෙස පෙන්විය යුතුය. එවිට මිනිසුන් එය සත්‍ය ලෙස දකිනු ඇත.”
බාධක හමුවේ නොසැලෙන Daddy
අද ඔබට ප්‍රශංසා කරන අය හෙට ඔබට නින්දා කරනු ඇත. අද ඔබට නින්දා කරන අය හෙට ඔබට ප්‍රශංසා කරනු ඇත. එලෙස වන්නේ ඔව්නොව්න් ඔබව තේරුම් ගන්නා ආකාරය අනුවය. මෙය Daddy ට පමණක් නොව,සියලු දෙනාටම පොදු වුවකි. අප කල යුත්තේ මේවාගෙන් නොසැලී විද දරාගෙන ඉදිරියට යාමය.
“විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතු පද
එකක් හැර එකක් හැර ජයගත්තා අද අපේ ලොව”

Daddyගේ ටිකෙන් ටික ගීතයෙන්ම එය මනාව ඔප්පු වේ. ඔබ කැමති වූවත් නැතත් Daddy යනු වර්තමානයේ සිටින ප්‍රසිද්ධ ගීත කණ්ඩායම් වලින් එකකි. ඔවුන්ගේ ‘සමහර’ ගීත අද කාලයේ බිහි වෙන වෙනත් ගීත සමග සන්සන්ධනය කරන විට මනා අරුතක් සහ කලාත්මක රසයක් ඇත. ඇතැම් ඒවා පැරණි ගීත වලට වඩා අරුත් බරය.
සංගීතය විවිධ අකාරයේ ශබ්ද සහ තාල ගෙන නිර්මානය වේ. මෙයට වචන සමග එකතු වී ගීත සෑදේ. එම එකතු වීම මනා ලෙස සිදු වූ විට එම ගීතයට අරුතක් සහ කලාත්මක රසයක් ලැබේ. මෙම මිශ්‍රණය බොහෝ අකාරයෙන් සිදු විය හැකි නිසා අද ලෝකයේ විවිධ සංගීත වර්ග ඇත. අනාගතයේද අලුත් සංගීත වර්ග සහ ගීත ද නිර්මාණය වනු ඇත. මෙම සංගීත වර්ග වැරදිය මෙය හරිය කියා කිසිවෙකුතත් කිව නොහැක මන්දයත් එකිනෙකා විවිධ සංගීත වර්ග වලට ඇලුම් කරන අකාරය වෙනස් නිසාය.

මෙම සිදුවීම ටික කාලෙකින් මිනිසුන්ට අමතක වනු ඇත. සමහරක් විට එය දැන්මම අමතක වී ගොස් ඇත. කාලයත් සමග මිනිසුන්ට Daddy සංගීත කණ්ඩායමත් අමතක වනු ඇත. අප තේරුම් ගත යුත්තේ සියලු දෙයකාලයත් සමග වෙනස් වන බවය. නිර්වාණය හා හිස් අවකාශය හැරෙන්නට අපට මේ පෙනෙන නොපෙන, දැනෙන නොදැනෙන, ඇසෙන නොඇසෙන කිසි දෙයක් සදාකාලික නොවන බව බුද්ධ ධර්මයේම පවසා ඇත.
අපි රටක් ලෙස…
අපට රටක් ලෙස දියුණු වීමට අවශ්‍යනම් එහි සිටින මිනිසුන් මීට වඩා ඥානවන්ත විය යුතුය. ශ්‍රී ලංකානු ජනතාව බොහොම සංවේදී බව අතීත සිදුවීම් වලින් පැහැදිලි කරයි. මිනිසුන් සංවේදී  වීම වැදගත් ය එහෙත් සංවේදී  වූ පමණින් හරි තීරණ නොගනී. අපි හරි තීරණ ගැනීමට ඥානවන්ත වීම ද ඉතා වැදගත්ය. අපට රටක් ලෙස දියුණු වීමට නම් වයස, ජාතිය, කුලය, ආගම මතින් වෙන් නොවී අප එකට එකතු වී වැඩ කල යුතුය, අපගේ අදහස් හුදහස්,දැනුම‌ හුවමාරු විය යුතුය, ප්‍රශ්න අප අප විසින්ම තර්කනුකුලව සිතා බලා විසදා ගත යුතුය. ඉහත පැන නගා ඇති ප්‍රශ්න වලට පිළිතුරු ඇත්තේ දකුනේවත් වමේවත් නොවේ, මැද ය; මධ්‍යම ප්‍රතිපදාවේය. අපි හැමෝම වැරදි කර ඇත, ඉදිරියේදීත් වැරදි කරනු ඇත, එහෙත් අපි ඒ වැරදි පිළිගෙන මධ්‍යස්තව බලා ඒවා හදාගෙන ‘ටිකෙන් ටික’ ඉදිරියට යා යුතුය. අපට රටක් ලෙස දියුණු වීමට නම් අපි භාවිතා කරන තාක්ෂණයේ දියුණුවක් මෙන්ම ආධ්‍යාත්මික දියුණුවක් ද සිදු විය යුතුයි. ඉදිරියරට මුහුණ පෑමට ඇති බාධක ද අපි නොසැලී මුහුණ දිය යුතුය. මෙය කියවීමට ලෙහෙසිය එහෙත් කිරීමට අපසුය.

දෙදෙනෙකුට කවදාවත් අනෙකාගේ කකුල් දෙක අල්ලා ගස් නැගිය නොහැක. එකෙකු අනෙකාට ගසට නැගීමට උපකාර කර යුතුයි, පසුව අනෙකා ගසට නැගිය යුතුයි, නැත්නම් එකෙකු අනෙකාට ගසට නැගීමට ඉඩදී බලා සිටිය යුතුය…

මෙම සියළු‍ම දේ වල හොඳක් දකින අය හොඳක් දකිනු ඇත, වරදක් දකින අය වරදක් දකිනු ඇත. එහෙත් යථාර්තය දකින අය මෙහි කියන්න උත්සහ කර ඇත්තේ කුමක්දැයි කියා තේරුම් ගනු ඇත.
ගීතයක් නිසා ආරම්භ වූ මෙය ගීතයකින්ම අවසන් වීම සුදුසු යැයි සිතේ. ඒ නිසා වැන්ගේලිස් නමැති ග්‍රීක ගීත රචකයා විසින් රචනා කරන ලද Conquest of Paradise නම් වූ ගීතය තෝරා ගත්තේය. මෙම ගීතයේ වචන වල හරි තේරුමක් නැත, එහෙත් එම ගීතයේ තේරුමක් ඇත. මෙම ගීතය මෙය අවසාන කිරීමට තෝරා ගත්තේ ඒ නිසාය.

Conquest of Paradise ගීතය ඇසීමට

Created with Microsoft OneNote 2013.